උතුරු පළාත් මහ ඇමැතිවරයා වගකීම් විරහිත ප්‍රකාශ සිදුකරනවා – ආරක්‍ෂක රාජ්‍ය ඇමැති

උතුරු පළාත් සභා මහ ඇමති සී.වී. විග්නේශ්වරන් උතුරේ ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂක හමුදාව පිළිබඳව කුමන මතයක් ප්‍රකාශ කළද ජාතික ආරක්ෂාව පිළිබඳව වගකීම හා තීරණ ගනු ලබන්නේ ජනාධිපති තුමා ප්‍රමුඛ රජය බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

උතුරු පළාත් සභාවේ මහඇමතිවරයා වගකීම් විරහිත ප්‍රකාශ සිදුකරන බවත් ඔහුගේ ඇතැම් අදහස් අන්තවාදී බව ද හෙතෙම පවසා තිබේ.

උතුරු ප්‍රදේශයේ රඳවා ඇති භටපිරිස් පිළිබඳ මහ ඇමතිවරයා සාවද්‍ය ලේඛණ ඉදිරිපත් කරමින් දිගින් දිගටම කුමන ප්‍රකාශ කළද, දශක කිහිපයක් පුරා යුද්ධයක් පැවති ප්‍රදේශයන්හි ආරක්ෂාව පිළිබඳ රජය වඩාත්ම සැළකිලිමත් වන බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top