යාපනය සරසවි සිසුන් ඝාතනය : රජය ස්වාධීන පරීක්ෂණයක් සිදු කරනවා – අගමැති

රනිල්යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු වෙඩි වැදී මරණයට පත්වීම සම්බන්ධයෙන් රජය ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු වෙඩි වැදී මරණයට පත්වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා විසින් ස්ථවර නියෝග 23(2) යටතේ යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා අද (25) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනා සම්බන්ධ සිදුවීම ගැන අපි ඉතාම කණගාටුව පළ කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලැබුණු වහාම අප අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඉතාම විනිවිදභාවයෙන් පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. රජය ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනව. මෙවැනි සිදුවීම් යළි සිදු නොවීමට අවශ්‍ය පියවර ගන්නව යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top