නොරොච්චෝලේ බිඳවැටීම ගැන සෙවීමට ත්‍රී පුද්ගල කමිටුවක්

meeting- ත්‍රී පුද්ගල කමිටුවනොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ පසුගිය දා සිදු වූ බිඳවැටීමට පිළිබඳ ව ස්වාධීන පරීක්ෂණයක් කිරීම සඳහා ඉහළ මට්ටමේ ත්‍රී පුද්ගල කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව වාර්තාවේ.

හිටපු නීතිපතිවරයෙකු හා ජනාධිපති උපදේශකවරයෙකු වන සිබ්ලි අසීස් මෙම කමිටුවේ ප්‍රධානත්වය දරන අතර ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ විදුලි හා ඉංජිනේරු අංශයේ ප්‍රධානී ආර්.අයි. සේනාරත්න සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය කපිල පෙරේරා යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top