තෝපාවැව ළමා සුරුකුම් මධ්‍යස්ථානය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ…

උතුරු මැද පළාත් සභාව විසින් රුපියල් මිලියන 40 ක් වැය කරමින් පොළොන්නරුව, තෝපාවැව විද්‍යාලය අසල ඉදිකළ ළමා සුරැකුම් මධ්‍යස්ථානය ඊයේ (01) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරුණි.

ලෝක ළමා දිනයට සමගාමීව මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර ළමා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා ඊට ඇතුළත් කළ පළමු දරුවා ලියාපදිංචි කිරීම ද සිදු කළේය.

උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න. පළාත් අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top