ඔස්ට්‍රෙලියාව, ශ්‍රී ලාංකිකයන් පිරිසක් එරටින් පිටුවහල් කිරීමට තීරණය කරයි..

ඔස්ට්‍රෙලියාව විසින් ශ්‍රි ලාංකික යුවළක් එරටින් පිටුවහල් කිරීමට නියමිත බව වාර්තාවේ. ඔස්ට්‍රෙලියාවේ ස්ථීර පුරවැසිභාවය ඉල්ලා සිටි ශ්‍රී ලාංකිකයෙකු සහ ඔහුගේ පවුලේ අයව මෙලෙස රටින් පිටුවහල් කිරීමට තීරණය කර තිබේ. 39 හැවිරිදි එරංග රණසිංහ ආරච්චිගේ නැමැත්තා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ව මෙලෙස පිටුවහල් කිරීමට නියමිතය.

ලබන 26 වනදා ඔවුන්ව රටින් පිටුවහල් කිරීමට නියමිතය. ඉකුත් ශ්‍රී ලාංකිකයාගේ බිරිඳ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගතකර ඇති බවද පැවැසේ. සිය පවුලේ සාමාජිකයන්ව ඔස්ට්‍රෙලියාවේ තබා ගැනීමට විශාල මුදලක් වියදම් කළ නමුත් කිසිඳු ඵලක් නොලැබුණු බව ඔහු පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top