අමෙරිකාවේ ලාස් වේගාස් නුවර සිඳුවූ වෙඩි තැබීමකින් 50 දෙනෙකු මරුට..

අමෙරිකාවේ ලාස් වේගස් නගරයේ සංගීත සැණකෙළියක වෙත ඊයේ රාත්‍රී එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් 50 දෙනෙකුට අධික පිරිසක් මිය ගොස් තවත් 200ක් පමණ තුවාල ලබා ඇති බව වාර්තාවේ.

ලාස් වේගාස් නගරයේ පිහිටි හෝටල් ගොඩනැගිල්ලක තිස් දෙවන මහලේ සිට සැකකරු ස්වයංක්‍රීය තුවක්කුවකින් වෙඩි තැබීම සිදු කර ඇති බව පැවැසේ.

සැකකරුට වෙඩි තබා මරා දැමූ බවත් ඔහු එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ද ඇමරිකානු පොලිසිය සඳහන් කරයි. මේ අතර, වෙඩි තැබූ පුද්ගලයා සමඟ සිටි තවත් පුද්ගලයෙකු ගැන ද පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top