යාපනයේ දී මහාත්මා ගාන්ධිගේ 148 වන ජන්ම දිනය සමරයි..

මහාත්මා ගාන්ධි මැතිතුමාගේ 148 වන ජන්ම දිනය හා ජාත්‍යන්තර අවිහිංසා දිනය සැමරුම අද සඳුදා දින පෙරවරු 10ට පමණ යාපනය රෝහල් මාර්ගයේ පිහිටි ගාන්ධි පිළිරුව අසල පැවැත්වුණි.

සමස්ත ලංකා ගාන්ධි සේවා සංගමයෙහි සභාපති ඒ. සිවකරන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ ඉකුත් උත්සවයට ඉන්දිය නියෝජ්‍ය තානාපති ඒ. නඩරාජන් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සභාගිවී පුෂ්පොපහාර දැක්වූහ. අනතුරුව හින්දු, ක්‍රිස්තියානි, බෞද්ධ ආගමික නායකයන් සහ ඉන්දියාවේ සිට පැමිණි කථිකාචාර්‍ය ඥානසම්බන්දන් මහතා ද පුෂ්පොපහාර දැක්වූහ.

මෙම අවස්ථාවට සහභාගිවූවන් හට රුක් පැළ ප්‍රධානයක් ද සිඳු කෙරුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top