හෙරෝයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

පෑලියගොඩ සහ මෝදර ප්‍රදේශවල දී හෙරෝයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිඳුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් දහයයි මිලිග්‍රෑම් 170ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු 34 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.

මේ අතර, හෙරොයින් ග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් සමඟ තවත් සැකකරුවෙකු මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෝදර පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන අතර සැකකරු මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top