පොලිස් අන නොතකා ගියා නම් භාවිත කළ හැක්කේ අවම බලයයි – විග්නේෂ්වරන්

14721627_1143326369089065_4432006750282887687_nයාපනයේදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා පොලිස් අන නොතකා යතුරු පැදියකින් ගමන් කළ හෙයින් වෙඩි තැබුවේ නම් එවැනි අවස්ථාවකදී අවම බලය භාවිත කළ යුතුව තිබුණි යැයි උතුරු පළාත් මහ ඇමැති සි.වි. විග්නේෂ්වරන් මහතා පවසයි.

උතුරු පළාත් මහ ඇමැතිවරයා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසා තිබෙන්නේ..

සරසවි සිසුන් දෙදෙනාගේ අයුක්ති සහගත මරණය සියළු දෙනාගේ සිත්වල වේදනාවක් ඇති කර තිබේ. ඔවුන්ට වෙඩි තැබුවේ කුමන අවස්ථාවක කුමක් නිසාදැයි අපි සොයා බැලිය යුතුයි. පොලිස් අන නොතකා යතුරු පැදියකින් ගමන් කළ හෙයින් වෙඩි තැබුවේ නම් එවැනි අවස්ථාවක අවම බලය භාවිතා කර තිබිය යුතුයි යන නීතිය උල්ලංඝණය කර ඇති බව දැකිය හැක.

මේ සම්බන්‍ධයෙන් අධිකරණය සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරනු ඇතැයි විශ්වාස කරන්නෙමි. මම විදෙස් ගතව සිටින හෙයින් අධිකරණ වාර්තාව ඉදිරිපත් කර තිබෙන්නේ දැයි නොදැනිමි. මාගේ අදහස ප්‍රකාශ කළ හැක්කේ එම වාර්තාව ගැන සොයා බැලීමෙන් අනතුරුවය. කෙසේ නමුත් මෙවැනි සිද්ධීන් මින් ඉදිරියට සිදු නොවීමට අපි වග බලාගත යුතුයි.

ජීවිතක්‍ෂයට පත්වූ සිසුන්ගේ ඥාතීන්ට ශෝකය ප්‍රකාශ කරන අතර, මෙම අවස්ථාවේ අප තරුණ තරුණියන් ඇතුළු සියළු දෙනා ඉතා ඉවසිල්ලෙන් සිිටිය යුතු යැයි ඉල්ලා සිටිමි. අපගේ හැගීම්වලට මුල් තැන දීමෙන් ඇති විය හැකි ප්‍රතිවිපාක ගැන සිතා බලා ක්‍රියා කළ යුතුයි. යැයි එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top