යුක්තිය ඉල්ලා උතුරේ හර්තාල් – කිලිනොච්චිය නිහඞයි

karththaal16යාපනයේදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම හෙළා දැක උතුර, නැගෙනහිර ඒකාබද්ධව හර්තාල් ව්‍යාපාරයක නිරතවන අතර, කිලිනොච්චියදී අද දින වෙළඳසැල්, පාසල්, බැංකු, රාජ්‍ය සහ පුද්ගලික කාර්‍යාල සියල්ල වසා හර්තාලය ක්‍රියාත්මක කර තිබේ.

රාජ්‍ය හා පුද්ගලික බස් ගමනා ගමන සේවාද නවතා දමා ඇති හෙයින් අභ්‍යන්තර ගමනාගමන කටයුතුද ඇණහිට ඇති බව කිලිනොච්චිය සිට අප වාර්තාකරු පවසයි. කිලිච්චිය නගරය ඇතුළු ප්‍රදේශවල දෛනික කටයුතු මුළුමනින්ම අඩාල වී ඇති බව වාර්තාවේ.

මේ අතර මෙම ඝාතන සිද්ධියට විරෝධය පා දිවයින පුරා ඊයේ දිනයේදී විරෝධතා රැසක් සංවිධානය කර තිබුණි.

karththaal1 karththaal2

karththaal4 karththaal5

karththaal10 karththaal13

karththaal7 karththaal15

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top