අධිකරණ නියෝග කඩ කළ හම්බන්තොට උද්ඝෝෂකයින් 16වනදා දක්වා රිමාන්ඩ්

අධිකරණ නියෝග කඩ කරමින් හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යාලයට ඇතුලු වීමට උත්සාහ කළ විරෝධතාකරුවන් 28 දෙනා මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අධිකරණ නියෝගය උල්ලංඝනය කිරීම, පොලිස් රථ වාහනවලට හා මහාමාර්ග ඇතුලු පොදු දේපළවලට හානි සිදු කිරීම මෙන්ම පොලිස් නිලධාරීන් 4 දෙනෙකුට තුවාල සිදු කිරීම ඇතුලු තවත් නීති විරෝධී ක්‍රියා රැසක් හේතුවෙන් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉන්දීය රජයේ සමාගමකට ලබා දීමට ක්‍රියා කරන බව සඳහන් කරමින් ඒකාබද්ධ විපක්‍ෂය මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධාන කර තිබුණි. මෙම විරෝධතාව සම්බන්ධයෙන් පොලීසිය හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ද ලබාගෙන ද තිබුණි.

කෙසේ නමුත් අධිකරණ නියෝගය නොතකා කලහකාරි ලෙස හැසිරුණු විරෝධතාකරුවන්ව විසිරුවා හැරීමට පොලිසිය පියවර ගත් අතර, එහිදී කාන්තාවන් 7 දෙනෙකු ඇතුළු 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන්ව ලබන ලබන 16 වනදා දක්වා රිමාන්ඩ් කරන ලෙස නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top