උතුරු පළාත් ඇමැති කූලාමුරිප්පු ජනතාව හමුවෙයි..

උතුරු පළාත් කෘෂිකර්ම ඇමැති ක. සිවනේසන් මහතා ඊයේ (8) දින මුල්ලතිව් දිස්ත්‍රික්ක, ඔට්ටුසුට්ටාන්, කූලාමුරිප්පු ප්‍රදේශයේ ජනතාව හමුවී සාකච්ඡා කර තිබේ.

එහිදී ප්‍රදේශයේ අතුරු මාර්ග අලුත්වැඩියා කිරීම, පාසල් ක්‍රීඩාංගනය පිළිසකර කිරීම, ජිවනෝපාය ආධාර සහ රැකියා අවස්ථා ඇතුළු ප්‍රදේශයේ පවතින ගැටළු සම්බන්‍ධයෙන් සාකච්ඡා කළ අතර, ඉදිරියේදී එම ගැටළුවලට විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත්, අනෙකුත් ප්‍රශ්ණවලට කඩිනමින් විසඳුමක් ලබාදීම සඳහා අදාළ බළධාරින්ට දැනුම් දෙන බවද ක. සිවනේසන් මහතා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top