හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු යළි රිමාන්ඩ්

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ නඩුව අද(09) කැඳවූ අවස්ථාවේදී ඔහු 20 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළ බව වාර්තාවේ.

2008 වසරේදී සුදුවෑන් භාවිත කරමින් තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් ඇතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැකපිට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top