ගල්කිස්සේ රොහින්ග්‍යා සරණාගතයින් රඳවා සිටි ගොඩනැගිල්ලක් ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත් පූජ්‍ය අක්මීමන දයාරතන හිමි ඇතුළු අනෙක් සැකකරුවන් හත් දෙනා යළි එළැඹෙන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහත අද (9) නියෝග කර තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට හිටපු පොලිස් කොස්ථාපල්වරයෙකු සහ කාන්තාවක ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන සිටිති.