කිලිනොච්චියේ උසස් නිලධාරින් පිරිසකට ස්ථාන මාරුවීම්

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සේවය කළ උසස් නිලධාරින් පිරිසකට පොදු පරිපාලන හා අභ්‍යන්තර පරිපාලන කටයුතු අමාත්‍යංශය විසින් ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. 2018 වසරේ ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුවීම ලබාදී තිබේ.

කිලිනොච්චිය දිස්ත්‍රික්ක අතිරේක දිසාපති සත්‍යසීලන්ට ඌර්කාවට්තුරයි ප්‍රදේශිය ලේකම්වරයා ලෙස ස්ථාන මාරුව ලබාදී ඇති අතර, දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේ කළමණාකරන අධ්‍යක්‍ෂක, ගණකාධිකාරී සහ කරයිච්චිය ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ ගණකාධිකාරී යන පිරිස පළාත් සභාවට ස්ථාන මාරු කර ඇති බව අමාත්‍යංශය විසින් දැනුම් දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top