වව්නියාව නෙඩුන්කේනි පාසල් භූමියේ තිබී බිම් බෝම්බයක් සොයා ගැනේ..

වවුනියාව නෙඩුන්කේනි මහා විද්‍යාල භූමියේ තිබි අධි බලැති බිම් බෝම්බයක් අද (10) දහවල් සොයාගෙන තිබේ.

විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ස්ථානයක තිබී පාසලේ දරුවන් අදාළ බෝම්බය දැක විදුහල්පතිවරයා දැනුවත් කර ඇති අතර, බෝම්බයක් වැනි සැක සහිත යමක් දැක විදුහල්පතිවරයා විසින් වහාම දරුවන් අදාළ ස්ථානයෙන් ඉවත් කොට පොලිසයට දැනුම් දී තිබේ.

වවුනියාව අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය කැදවා විද්‍යාලයෙන් දරුවන් ඉවත් කොට බෝම්බය ගොඩගෙන නිශ්ක්‍රිය කිරීමට පියවර ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් නෙඩුන්කේනි පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top