උතුරට හා දකුණට එකම නීතියක් ක්‍රියාත්මක වන බව පොලිස්පති පවසයි

අධිකරණ නියෝග සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ දී උතුරට හා දකුණට එකම නීතියක් ක්‍රියාත්මක වන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අවධාරණය කරයි.

තරාතිරම නොබලා නීතිය සැමට එකසේ ක්‍රියාත්මක වන බව කොළඹ ඊයේ(17) පැවති මාධ්‍ය හමුවකදී පොලිස්පතිවරයා පැවසීය.

පරිසරයට සම්බන්ධ ජාවාරම්වලදී කොතෙකුත් බලපෑම් ඇතිවුවද තදින් නීතිය ක්‍රියාත්මක කළයුතු බවට ජනාධිපතිතුමා හා අගමැතිවරයා තමන්ට උපදෙස් දී ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මෙම මාධ්‍ය හමුවේදී කියාසිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top