මඩකළපුවේ දී මව සහ පුතා ගෙළ කපා ඝාතයට

මඩකළපුව, එරාවූර් පොලිස් වසමට අයත් සවුක්කඩි ප්‍රදේශයේ නිවසක තිබී මව සහ පුතාගේ මළ සිරුරු සොයාගෙන තිබේ.

27 හැවිරිදි බීතාම්බරම් මදුසාන්දි සහ අවුරුදු 11ක්වූ ඇයගේ පුතා වන මදුසාන් මෙලෙස ගෙළ කපා ඝාතනය කර තිබේ. නිවසේ වහලය කඩා නිවසට ඇතුල්වූ පිරිස දෙදෙනා ඝාතනය කර එහි තිබූ රන් ආභරණ ද සොරකම් කරගෙන ගොස් තිබේ.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා වසර හතකට අධික කාලයක් මැද පෙරදිග රටක සේවය කරමින් සිටින බව පැවැසේ. සිද්ධිය සම්බන්‍ධයෙන් එරාවූර් පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top