නීති විරෝධි ලෙස කෝටි දෙකහමාරක රත්‍රං ගෙනා පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

නීති විරෝධි ලෙස කෝටි දෙකහමාරකට අධික වටිනාකමින් යුත් රත්‍රං තොගයක් සිය ශරීරයේ සගවාගෙන මෙරටට ගෙන ඒමට තැත්කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොලේ දී අද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු බව රේගු නිලධාරින් පවසයි.

අද අලුයම 4.45ට පමණ සවුදියේ සිට පැමිණි සැකකරු සිය බඳ පටියේ සහ පාවහන් යුගලේ සඟවාගෙන රත්‍රං කිලෝ ග්‍රෑම් 5.3ක තොගයක් රැගෙනවිත් ඇති අතර රේගු නිළධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපල රේගුව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top