මඩකළපුවේදී මව සහ පුතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්‍ධ 5ක් අත්අඩංගුවට

මඩකළපුව, එරාවූර් ප්‍රදේශයේ ඊයේ දින සිඳුවූ ද්විත්ව ඝාතන සිද්ධියට සම්බන්‍ධ යැයි සැකපිට පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඒරාවූර් පොලිසිය සඳහන් කරයි. සිද්ධියෙන් අනතුරුව පොලිසිය සිඳුකළ පුළුල් පරීක්‍ෂණවලින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පැවැසේ.

එහිදී ඝාතනය සිඳුවූ නිවසට මීටර 150ක පමණ දුරින් පිහිටි ස්ථානයක තිබී කැඩුණු පොරවක්ද සොයා ගෙන ඇති බව වාර්තාවේ.

මඩකළපුව, එරාවූර් සවුක්කඩි ප්‍රදේශයේ පදිංචිව සිටින 27 හැවිරිදි බීතාම්බරම් මදුසාන්දි සහ අවුරු 11ක් වූ ඇයගේ පුතා වන මදුසාන් ඊයේ දින ගෙළ කපා ඝාතනය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top