තෙවන එක්දින තරඟයේ ජයත් පාකිස්තානයට

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවැති තෙවන එක්දින තරගය කඩුලු 7කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 48යි පන්දු 02ක් තුළ සියළු දෙනා දැවී ලකුණු 208ක් රැස් කළේය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්ථාන කණ්ඩායම පන්දු වාර 42යි පන්දු 03ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී ජයග්රවහණය වාර්තා කළේය.

පාකිස්ථාන ඉනිම වෙනුවෙන් ඉමාම් උල්හක් ලකුණු 100ක් ලාගැනීමට සමත් විය. තරග පහකින් යුත් තරඟාවලියේ 3-0ක් ලෙස පාකිස්තානය දැනටමත් ඉදිරියෙන් සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top