ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාවේ සිට දිවයිනට, අත්අඩංගුවට ගැනීමක් නැහැ

හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) උදෑසන අැමෙරිකාවේ සිට මෙරටට පැමිණි ඇති අතර ඒ මහතා අත්අඩංගුවට ගන්නා ලද බවට මෙතෙක් වාර්තා වී නොමැත.

හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් පවතින බවට විවිධ වාර්තා පළවූ අතර එවැන්නක් මෙතෙක් වාර්තා වී නැත.

රාජ්‍ය මුදල් අවභාවිතා කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව විටින් විට වාර්තා විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top