හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

ඉන්ජින් රියදුරු සහායකයන් බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් හෙට (20) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරත වීමට දුම්රිය සේවකයින් තීරණය කර ඇති බව වාර්තාවේ.

මෙම වර්ජනයට දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ නියාමකවරුන් එක් වන බවද දුම්රිය පාලකවරුන්ගේ සංගමය පවසයි.

සියලු දුම්රිය සංගම් එක්ව පසුගිය 11 වනදා ක්‍රියාත්මක කල වර්ජනය අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමඟ පැවති සාකඡාවකින් අනතුරුව අවසන් වූ නමුත්, එම සාකච්ඡාවේදී ඇති කරගත් පොරොන්දුව ඉටුකර නොතිබීම හේතුවෙන් යළි වර්ජනයකට සූදානම් වන බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top