රට තුළ නීති දෙකක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ – ආරක්ෂක ලේකම්

ඇතැමුන් ප්‍රකාශ කරන පරිදි රටතුළ නීති දෙකක් ක්‍රියාත්මක නොවන බව ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා පවසයි.

සැමට සමාන එක නීතියක් පරමණක් ක්‍රියාත්මක බව ඔහු කියා සිටියේය. ආරක්ෂ ලේකම්වරයා ඊයේ මෙම අදහස් පළ කළේ මහනුවරදීය. දළදා මාලිගවට පැමිණි ඔහු ශ්‍රී දළදා වහන්සේ වැදපුදා ගනු ලැබීය.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියේය.

ඔහු පෙන්වාදෙන්නේ රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බවය.

ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් පැවසිය හැකි වුවත් එය පිළිගන්නා ආකාරය අනුව නොයෙක් මතයන් ගොඩනැගෙන අතර මේ වන විට රට තුළ ඇත්තේ එක් නීතියක් බවත් එය නිවැරදිව ක්‍රියාත්මක වන බවත් ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top