නීති විරෝධී ලෙස විදේශ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් කිසිවකු ගැන වගකියන්නේ නැහැ

නීති විරෝධීව විදේශයන් හි රැඳී සිටින කිසිදු ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකු පිළිබඳ වග කියන්නේ නැති බව විදේශ රැකියා අමාත්‍යාංශය අවධාරණය කරනවා.මේ වන විට ලක්‍ෂ 15 කට අධික පිරිසක් විදේශ රැකියාවන් හි නිරතව සිටිනවා. ඔවුන්ගෙන් ඇතැම් අය තම වලංගු වීසා කාල සීමාව ඉකුත් වීමෙන් හෝ නීත්‍යානුකූල සේවා ස්ථානයෙන් පැන ගොස් නීති විරෝධීව සේවය කරන බවට තොරතුරු හෙළිව තිබෙනවා.

මේ අතුරින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ දකුණු කොරියාව , ඊශ්‍රායලය , සයිප්‍රසය ඇතුලු මැද පෙරදිග රටවලින්. එසේ සේවයේ යෙදීම අදාළ රටවල නීතිරීති උල්ලංඝනය කිරීමක් වන අතර දඩ මුදල් ගෙවීම හා සිරගත කිරීමට හේතුවන වරදක් බවයි විදේශ රැකියා අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. ඇතැම් විදෙස් ශ්‍රමිකයින් අනතුරුවලට ලක්වීමෙන් අනතුරුව රජයේ වියදමින් රෝහල් ගාස්තු ගෙවීමට ද සිදුව තිබෙනවා. මේ නිසා වීසා කාලය අවසන් වීමෙන් පසු තවදුරටත් සේවය කිරීමට අවශ්‍ය නම් එය නීත්‍යානුකූලව සිදුකර ගන්නා ලෙස යි ශ්‍රමිකයින්ගෙන් හා එම පවුල්වල ඥාතීන්ගෙන් අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top