අරඹේපොල රතනසාර හිමියන් ලඟ ගිහි වෙස් ගත් හැඳුනුම්පතක්

මියන්මාර් ජාතික සරණාගතයන් පිරිසක් රැදී සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් නිවස්නයක් ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරි දේපලවලට හානි කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් මසකට වැඩි කාලයක් පොලිසිය මඟ හරිමින් සැඟව සිටියදී අත්අඩංගුවට ගත් අරඹේපොල රතනසාර හිමිලඟ තබී ගිහිවෙස් ගත් ව්‍යාජ හැඳුනුම්පතක් තිබී හමුවී තිබේ.

එසේ හමුවූ ගිහි හැඳුනුම්පත 2017/07/05 දින සකස් කර ඇති අතර ඒ හිමියන්ගේ පැවිදි හැඳුනුම්පත සකස් කර ඇත්තේ 2011/12/09 වන දිනය. ඒ අනු එම ගිහි හැඳුනුම්පත ව්‍යාජ ලෙස සකස්කරගෙන ලඟ තබාගෙන සිට ඇති අතර එම හැඳුනුම්පත ඔස්සේ පරීක්ෂණ සිදු කරගෙන යන බව පොලීසිය සඳහන් කරයි.

අධිකරණය වෙත ඉදිරිපත් කළ අරඹේපොල රතනසාර හිමි ලබන 30 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා නියෝග කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top