නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුල්වූ ඉන්දීය ධීවරයින් 4ක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුඩා ප්‍රමාණයේ බෝට්ටුවකින් ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී මෙම ධීවරයින් සිව් දෙනෙකු අදාළ යාත්‍රාව සමඟ අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අදාළ ධීවරයින් රමේෂ්වරන්හි – තංගච්චිමඩම් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් ධීවරයින් මන්නාරම සහකාර ධීවර කාර්යාලය වෙත බාරදී ඇති අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top