වව්නියාව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනයට

වව්නියාව, කුඩිඉරිප්පු ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාට තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ වව්නියාව, යංගරාවූර් ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනය සිදු කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වව්නියාව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top