පුන්කුඩුතිව් විද්‍යා දැරියගේ නිවසට පැමිණි ජනාධිපති, පවුලේ අනාගත කටයුතු සඳහා උපකාර කරන බව පොරොන්දුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනයේදී ඝාතනයට ලක්වූ පුන්කුඩුතිව් විද්‍යා දැරියගේ මව හා පවුලේ ඥාතීන්ව අද දින හමු විය.

පවුලේ සුව දුක් විමසීම සදහා එම නිවසට පැමිණෙන බව ජනාධිපතිතුමා එහිදී විද්‍යා දැරියගේ මව වෙත දුන් පොරොන්දුව අනුව වව්නියාව සෛව ප්‍රකාෂ බාළිකා විදුහලේ පැවැති වව්නියාව දිස්ත්‍රික්ක ‘නිල මෙහවර‘ ජනාධිපති සේවා උත්සවයෙන් අනතුරුව වව්නියාව ප්‍රදේශයේ එම නිවසට ගිය ජනාධිපතිතුමා පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් විමසීය.

විද්‍යා දැරියගේ වැඩිමහල් සොහොයුරියගේ උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම එම පවුලේ ඉදිරි කටයුතු වෙනුවෙන් ලබාදිය හැකි සියලූ උපකාර සිදුකරන බව ජනාධිපතිතුමා සදහන් කළේය.

විද්‍යා දැරියගේ ඝාතනයට අදාළ නීතිමය කටයුතු කඩිනම් කර ගැනීම ඇතුථ සාධාරණය ඉටුකර ගැනීම සදහා ජනාධිපතිතුමා දැක්වු සහය පිළිබදව මෙහිදී එම දැරියගේ මව ජනාධිපතිතුමා වෙත සිය කෘතඥතාවය පළ කර සිටියාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top