බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීවට ඇප

කළුතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (22) රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව මහතා ඇප මත මුදා හැරීමට අද(23) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

දර්ගා නගරයේ රජයේ රෝහලේ වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රසන්න සංජීව මහතා පසුගිය (21) වන දා අලුත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

විදුලිසැර වැදුණු තරුණයෙකු රෝහලට රැගෙන ආ අවස්ථාවේදී වෛද්‍යවරුන් ඔහුට ප්‍රතිකාර නොකළ බව පවසමින් පළාත් සභා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් වෛද්‍යවරුන්ට බැණ පහරදීමට උත්සහ කර ඇති බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර කරනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top