ව්‍යවස්ථාව ගැන මහින්ද සමඟ විවාදයකට සූදානම් – අනුර කුමාර

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි විමල් වීරවංස අභියෝගයක් සිදු කර ඇති බවත් එම විවාදය විමල්ගේ නායකයා වන මහින්ද රාජපක්ෂ සමග සිදුකිරීමට තමන් සූදානම් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඊයේ (22) දින තංගල්ලේදී පැවති දිරිය පුරවැසි සමිති හම්බන්තොටදිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

එම විවාදය විමල් වීරවංස සමග සිදු කළ යුතු යැයි කියන්නේනම් ජවිපෙ පක්ෂයක් ලෙස එයටද සූදානම් බවත් ඒ සඳහා වීරවංසට ගැලපෙන පුද්ගලයෙකු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් යොමු කරන බව ද අනුර කුමාර මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top