යාපනයේ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ තරුණයා මරුට

යාපනය අරියාලයි ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ තරුණයා මියගොස් තිබේ. කුරුනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි ඩොන් බොස්කෝ රික්මන් නැමැති තරුණයා මෙලෙස මියගොස් තිබේ.

ඊයේ ඉරිදා දින මෙම තරුණයා සමඟ තවත් පුද්ගලයෙකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි තවත් පුද්ගලයෙකු ඔවන්ට වෙඩි තබා පලා ගොස් ඇති බව සඳහන් වෙයි.

වෙඩි වැදිමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන නොමැති අතර යාපනය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top