දේශපාලන සිරකරුවන්ගේ නිදහස අවධාරණය කර අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක්

ආහාර වර්ජනයක නිරතව සිටින දේශපාලන සිරකරුවන්ගේ ඉල්ලීම ඉටුකර ඔවුන්ව නිදහස් කළ යුතු යැයි අවධාරණය කරමින් යාපනය සරසවි සිසුන් විසින් අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. යාපනය සරසවි ශිෂ්‍ය සංගමය විසින් අද දින ආරම්භ කළ මෙම වැඩසටහන උතුරු පළාත පුරා ක්‍රියාත්මක කරන බව පැවැසේ.

මේ අතර, සිරකරුවන්ට සහාය පළ කර සිසුන් විසින් ආරම්භ කරන ලද මෙම අරගලයට සියළු පාර්ශවලින් සහාය ලබාදිය යුතු යැයි ශිෂ්‍ය සංගමය ඉල්ලා තිබේ.

තවද මෙම වැඩසටහන මගින් ලබාගන්න අත්සන් සහිත වාර්තාව මානව හිමිකම් කොමිසමට සහ ජනාධිපතිවරයා වෙත යැවීමට ද තීරණය කර ඇති බව ශිෂ්‍ය සංගමයේ නායක ක්‍රිෂ්ණ මේනන් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top