උතුරු මැද පළාතේ පාසැල් සිසුන් ප්රවාහනය කරනු ලබන වාහන ලියාපදිංචිය ලබන වසරේ ජනවාරි මාසයේ සිට අනිවාර්ය කිරීමට තීරණය කර ඇති බව උතුරු මැද මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය පවසා සිටියි. ඒ අනුව අදාළ කාලය තුළ ලියාපදිංචි කර නොගන්නා පාසැල් සිසුන් ප්රවාහනය කරනු ලබන වාහන සම්බන්ධයෙන් ක්රියාමාර්ග ගැනීමට සිදුවන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.