වාලයිචේනයි ප්‍රදේශයේ විරෝධතාවක්..

මඩකළපුව, කල්කුඩා කොට්ඨාශයේ පළාත් පාලන සීමා නිර්ණයදී දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් බෙදීම හෙලාදක වාලයිචේනයි ප්‍රදේශයේ අද දින දැවැන්ත විරෝධතාවක් පවත්වා තිබේ.

වාලයිචේනයි පොදු සංවිධාන විසින් පවත්වන ලද මෙම විරෝධතාවයට ග්‍රාමීය සංගම්වල නියෝජිතයන්, දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවූහ.

වාලයිචේනයි, කයිලාස පිල්ලයි කෝවිල ඉදිරිපිට ආරම්භ වූ විරෝධතා පාගමන ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය දක්වා ගොස් එහිදී තම ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් ද භාරදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top