අරියාලයි තරුණයාගේ ඝාතනය සම්බන්‍ධයෙන් විමර්ශණයට නිලධාරින් කණ්ඩායමක් යාපනයට

යාපනය, අරියාලයි ප්‍රදේශයේ පසුගිය ඉරිදා දින සිඳුවූ වෙඩි තැබීමකින් ජීවිතක්‍ෂයට පත්වූ තරුණයාගේ ඝාතන සිද්ධිය සම්බන්‍ධ පරීක්‍ෂණ කටයුතු සඳහා කොළඹ සිට විශේෂ අපරාධ විමර්ශණ මර්ධන ඒකකයේ නිලධාරින් යාපනයට පැමිණීමට නියමිතය.

මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් කුරුනගර් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ඩොන් බොස්කෝ රික්මන් නැමැති තරුණයා ජීවිතක්‍ෂයට පත්වුණි. වෙඩි තැබීම සිඳු කළේ පොලිසිය බවට මියගිය තරුණයා සමග යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයා පවසා ඇති අතර, සිද්ධිය සම්බන්‍ධයෙන් පුළුල් පරීක්‍ෂණයක් සිඳුකිරීමට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් මෙම අපරාධ විමර්ශණ මර්ධන කණ්ඩායම පත්කර තිබේ.

එම වෙඩි තැබීම තමන් සිඳු නොකළ බවට පොලිසිය පවසා ඇති අතර, මේ සම්බන්‍ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිඳු කිරීමට අපරාධ විමර්ශණ මර්ධන කණ්ඩායම හෙට දින යාපනයට පැමිණීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top