යාපනයේ ළිඳක තිබී බෝම්බ තොගයක් සොයා ගනී

යාපනයේ ළිඳක තිබී බෝම්බ තොගයක් සොයාගත් බව කොඩිකාමම් පොලිසිය සඳහන් කරයි. ඉකුත් පුපුරණ ද්‍රව්‍ය තොගය කොඩිකාමම් කච්චායි ප්‍රදේශයේ පිහිටි ළිඳක තිබී සොයාගෙන ඇති බව පැවැසේ.

ක්ලේමෝ බෝම්බ 13ක්, ජීව අත්බෝම්බ 30ක්, මිලිමීටර 60 වර්ගයේ මෝටර් උණ්ඩ 6ක් සොයාගත් බව පොලිිසිය පවසයි.

ඊයේ දින සොයාගත් මෙම බෝම්බ තොගය යාපනය පොලිස් විශේෂ කාර්‍ය බලකා කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් අරියාලයි ප්‍රදේශයේදී නිෂක්‍රිය කළ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top