ගවයින් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි!!

ගවයින් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

නීති විරෝධි අයුරින් ගවයින් ප්‍රවාහනය කිරීම ඉතා සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, ඒ තුළින් කිරි ගව කර්මාන්තයට මෙන්ම කෘෂිකර්මික අවශ්‍යතාවයන්ට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

ඒ අනුව ගවයින් ප්‍රවාහන පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන තෙක් ඒ සඳහා බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top