රජය නව වෛද්‍ය පීඨ 3ක් ආරම්භ කිරීමට පියවර

නව වෛද්‍ය පීඨ තුනක් ලබන වසරේ රජය විසින් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

රුවන්පුර, මොරටුව සහ වයඹ යන ප්‍රදේශවල මෙම නව වෛද්‍ය පීඨ ආරම්භ කෙරෙන බවත් රජය තව තවත් නිදහස් අධ්‍යාපනය වර්ධනය කරනවා මිස, කිසිම දවසක නිදහස් අධ්‍යාපනය දියාරු කිරීමට හෝ විනාශ කිරීමට කටයුතු නොකරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනය මඟින් 05වන වරට සංවිධානය කරන ආයුර්වේද සිද්ධ යුනානි හා පාරම්පරික දේශීය වෛද්‍ය ක‍්‍රම පිළිබඳ තෙදින ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය 27 වැනිදා ආරම්භ වූ මෙම සමුළුව රාජගිරිය,දේශීය වෛද්‍ය විද්‍යායතනයේදි තෙදිනක් පුරා පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සමුළුවෙහි පළමු දිනය ආයුර්වේද වෛද්‍ය ක‍්‍රම පිළබඳ ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්විම සිදු විය.

දෙවන දිනය දේශීය සිද්ධ යුනානි පර්යේෂණ ඉදිරිපත් කිරීමත් තෙවන දිනය වන අද දින් ආයුර්වේද පශ්චාත් උපාධිධාරින්ගේ පර්යේෂණ එළිදැක්විමද සිදුකිරීමට නියමිත අතර ආයුර්වේද වෛද්‍ය විෂය සම්බන්ධ රැකියා පොළක් ද අද දින පැවැත්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top