මාදම්පේ ප්‍රදේශයේදී මත්පෙති සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

මාදම්පේ ප්‍රදේශයේදී මත්පෙති 8600ක් සමඟ ‍සැකකරුවෙකු සහ සැකකාරිණියක අත්අඩංගුවට ගෙන තිබේ. මාදම්පේ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සැකසහිත ත්‍රීරෝද රථයක් පරීක්‍ෂා කිරීමේ දීයි මත්පෙති තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර, ත්‍රීරෝද රථයේ පසුපස ගමන් ගත් කාන්තාව සතුව තිබී මත්පෙති 2600ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇයගෙන් කළ වැඩිදුර ප්‍රශ්ණ කිරීම්වලින් අනතුරුව ඇය තාවකාලිකව පදිංචිව සිටි මාදම්පේ පට්ටියගම ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ තවත් මත්පෙති 6000ක් සොයා ගෙන තිබේ. එම මත්පෙතිවල වටිනාකම රුපියල් ලක්‍ෂ 30 ඉක්මවන බව පැවැසේ.

ත්‍රීරෝද රථයේ රියැදුරු සහ එම කාන්තාව දෙදෙනා හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top