ඩග්ලස් දේවානන්දට පහරදීමට තැත්කළ හය දෙනෙකුට සිර දඞුවම්

ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට කළුතර බන්ධනාගාරය තුළදී උල් ආයුධ වලින් පහරදී මරා දැමීමට තැත් කිරීමේ නඩුවේ විත්තිකරුවන් 06 දෙනෙකුට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත වසර 10 1/2ක සිර දඬුවම් නියම කරයි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදි.

එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර තිබූ කොටි සංවිධානයේ මුදල් අංශයේ නායකයෙකු බව කියන ඇන්තනී එමිල්කාන්තන් ඇතුළු විත්තිකරුවන් 09 දෙනෙකු නිදොස් කර නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

කළුතර බන්ධනාගාරය තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට උල් ආයුධ වලින් පහරදී මරා දැමීමට තැත් කළේ යැයි චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top