කොස්ගොඩ ඝාතනයේ සැකකරුවන් සොයා දැවන්ත මෙහෙයුමක්

කොස්ගොඩ ප්‍රදේශයේ සිදු වූ සිව්පුද්ගල ඝාතනයේ සැකකරුවන් සොයා ඊයේ(29) රාත්‍රී දැවැන්ත පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

විශේස පොලිස් කණ්ඩායම් 05ක් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. කොස්ගොඩ ප්‍රදේශයේ ස්ථාන තුනක දී මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි. මෙතෙක් කිසිඳු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.

කොස්ගොඩ, යුද පිටිය, කුරුඳුගම්පියස, මැණික්ගම යන ගම්මානවලට යතුරු පැදි දෙකකින් පැමිණී තුවක්කුකරුවන් සිව්දෙනෙකු වෙඩි තැබීම සිදුකර තිබේ. වෙඩි තැබීමෙන් එකම පවුලේ පියෙකු සහ පුතුන් දෙදෙනෙක් ද, බලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීකරයෙකු වන මහින්ද රාජා සොයිසා මහතා ද මරණයට පත්විය. ඊට අමතරව පහළොස් හැවිරිදි පාසල් සිසුවෙක් ද තුවාල ලැබීය.

දීර්ඝ කාලයක සිට මෙම ප්‍රදේශයේ සංවිධානාත්මක පාතාල කල්ලි දෙකක ගැටුම් හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බව පොලීසිය පවසයි.

කොස්ගොඩ, අහුංගල්ල, ඇල්පිටිය සහ අම්බලන්ගොඩ පොලීසි ඒකාබද්ධව විමර්ශන සිදු කරන අතර, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යොදවා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top