ඇත් දළ 3ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

වව්නියාව ප්‍රදේශයේ දී ඇත් දළ තුනක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ මන්නාරම කඳවුරේ නිලධාරීන් සිදුකළ වැටලීමකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් පුවරසන්කුලම් සහ වව්නියාව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් සතුව තිබී කිලෝග්‍රෑම් 25ක් පමණ බරැති ඇත් දළ තුනක් සොයාගෙන තිබේ. ඔවුන් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top