වාර්ෂික ක‍්‍රිකට් සම්මාන රාත‍්‍රිය අද

ඩයලොග් වාර්ෂික ක‍්‍රිකට් සම්මාන රාත‍්‍රිය කොළඹදී අද (31) පැවැත්වේ.

ගතවූ වසරේදී දේශීය හා ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේදී දක්ෂතා දැක්වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මෙහිදී ඇගයීමට ලක් කෙරේ.

වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට හිමි සම්මානය මෙන්ම ජීවිත කාලයේදී පුද්ගලයෙකුට එක් වරක් පමණක් හිමිවන සම්මානය ද මෙහිදි පිරිනමනු ඇත.

ඊට අමතරව, වයස අවුරුදු 23න් පහළ ඛාණ්ඩයේ දක්ෂතා දැක්වූ ක‍්‍රීඩකයින්ට ද මෙහිදී සම්මාන ප‍්‍රදානය කෙරේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top