යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් දිවයිනට

යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී ජීන් ලැම්බර්ට් මහතා ප්‍රධාන සිවු දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම කණ්ඩායම රජයේ මෙන්ම සිවිල් සමාජයේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට නියමිතය. එහිදී ශ්‍රී ලංකාවේ සමගි සන්ධාන වීම හා ජී.එස්.පී. ප්ලස් සහන ලබාගැනීමට අදාළව ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීම ආදී කරුණු පළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

එසේම මෙම නියෝජිත පිරිස යුරෝපා සංගමය විසින් ක්‍රියාවට නංවන ව්‍යාපෘති වල ප්‍රගතිය පිළිබඳව විමසා බැලීමට නියමිතය. එසේම අන්තර් පාර්ලිමේන්තු සංවාදයක් පැවැත්වීමටත් නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top