ළහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමිට ඇප

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමිට ඇප ලබා දී තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නඩුව අද(31) කැඳවූ අවස්ථාවේ ඔවුන්ට ඇප ලබා දී ඇත.

අධිකරණය නිකුත් කළ වාරණ නියෝග කඩ කිරීම සහ ඇප කොන්දේසි උල්ලංඝණය කිරීම යන චෝදනාවලට පසුගිය දා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top