යුද්දයෙන් අවතැන්වූ ජනතාව ඔවුන්ගේ ප්‍රදේශවල නැවැත පදිංචි කළ යුතුයි – නෝර්වේ

යුද්දය හේතුවෙන් අවතැන්වූ ජනතාව ඔවුන්ගේ ප්‍රදේශවල නැවැත පදිංචි කළ යුතු බව නෝර්වේ රජය පවසා තිබේ. අවතැන්වූ ජනතාවට තම පාරම්පරික ප්‍රදේශවල නැවැත පදිංචිවීම සඳහා අවස්ථාව සලසා දිය යුතු යැයි ශ්‍රී ලංකාව සඳහා වූ නෝර්වේ තානාපති තෝබජෝර්න් ගාස්ට්ටාස්දර් ( Thorbjørn Gaustadsæther ) මහතා පවසා තිබේ.

ජනතාව තම ජීවිතය යළි ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වැදගත් බවත්, යුද්දය හේතුවෙන් පීඩාවට පත්වූ සහ අවතැන්වූ ජනතාව නැවැත පදිංචිවීම සඳහා දිගටම සහාය ලබාදීමට නෝර්වේ රජය තීරණය කර ඇති බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top