රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්‍ධ නඩුව ජනවාරි 24 විභාගයට

ගම්පහ රතුපස්වල ජනතාවට වැලිවේරිය නගරයේ දී වෙඩි තබා පහරදී තිදෙනෙක් ඝාතනය කිරිමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු යුද හමුදා බ්‍රිගේඩියර්වරයා ඇතුළු සැකකාර හමුදා සාමාජිකයන් සිව්දෙනාට එරෙහිව නඩුව ජනවාරි 24 වැනි දා නැවත කැඳවන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා අද (1) නියෝග කළේය.

බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන, මාණ්ඩලික සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන, සැරයන් ලලිත් ග්‍රේ සහ ක්‍රෝප්‍රල් ජේ.එම්.තිලකරත්න මෙලෙස චෝදනා ලැබු සැකකරුවෝ වෙති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top