ජපාන ආර්ථික සහයෝගීතාවය පිළිබද විශේෂ නියෝජිත පිරිස ජනපති හමුවෙයි

දිවයිනට පැමිණ සිටින ජපන් රජයේ ආර්ථික සහයෝගිතාවය පිළිබද විශේෂ නියෝජිත පිරිස අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවී තිබේ.

ජපන් නියෝජ්‍ය අමාත්‍ය, අන්තර්ජාතික සහයෝගීතා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් කෂූයා නිෂිඩා (Kazuya Nashida) මහතාගේ නායකත්වයෙන් යුත් මෙම නියෝජිත පිරිස ජපන් රජයේ සහයෝගයෙන් දැනට ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය සහ ඒවායේ ඉදිරි කටයුතු පිළිබද දීර්ඝ වශයෙන් අදහස් ඉදිරිපත් කළේය.

ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කටයුතු සදහා ජපන් රජය අඛණ්ඩ සහය ලබාදීමට සූදානම් බව ද මෙහිදී අවධාරණය කළ නියෝජිත පිරිස දෙරට අතර සහයෝගීතාවය තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබදව පුළුල් අවධානයකින් කටයුතු කරන බව ද සදහන් කළේය.

ජපානය කවදත් ශී‍්‍ර ලංකාවේ සැබෑ මිතුරෙකු ලෙස ලබාදෙන අඛණ්ඩ සහය මෙහිදී ජනාධිපතිතුමාගේ විශේෂ ඇගයීමට ලක් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top