මන්නාරම, සිලාවතුර, අරිප්පු ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 2ක් සමග ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය ධීවරයින් බෝට්ටුවකින් හෙරොයින් තොගය මෙරටට රැගෙන එමින් තිබියදී නාවික හමුදාව විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් මුල්ලිකුලම නාවික හමුදා කඳවුරට බාරදීමෙන් අනතුරුව කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයට බාරදීමට නියමිත බව වාර්තාවේ.